UNDER CONSTRUCTION.COMING SOON

This is a test

CLIMATE IN AMPARA

Find more about Weather in Ampara, SB
Click for weather forecast

අංක විද්‍යාවෙන් හෙළි කෙරෙන ඔබේ යුගදිවි වගතුග

අංක විද්‍යාවෙන් හෙළි කෙරෙන ඔබේ යුගදිවි වගතුග

අංක විද්‍යාවෙන් අනාවැකි කීම පෙරදිගට වඩා බටහිර රටවල ප්‍රචලිත වූවකි. ඊට හේතුව ජීවිතයේ සැඟවුණු රහස් දැනගත හැකි මෙම ගුප්ත ශාස්ත්‍රය මුලුමනින්ම එකේ සිට නවය දක්වා වන අංක නවයට සීමාවී තිබිම විය හැකිය. විවිධ රටවල අංක විද්‍යාත්මක සිද්ධාන්ත යම් යම් තරමින් වෙනස් වුවද මෙය විද්‍යාවේ ඇරඹුම ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී පමණ ග්‍රීසියේ ඇති වූවකැයි විශ්වාස කෙරේ. කෙසේ හෝ මීට තරමක් සමාන ඉපැරණි ශාස්ත්‍ර පෙරදිග ද තිබූ බව පැහැදිලිය. මිනිස් ජීවිතයක විවිධ අංග සම්බන්ධයෙන් සේම එහි ප්‍රධානම අංගයක් වන විවාහ ජීවිතය සම්බන්ධයෙන්ද අංක විද්‍යාවට අනුව බොහෝ කරුණු අනාවරණය කරගත හැකි බවට විශ්වාසයක් තිබේ. විශේෂයෙන් අඹුසැමියන් අතර පවත්නා සහසම්බන්ධතාවය පිළිබඳව විස්තර සේම එය තහවුරු කර ගත හැකි අන්දම පිළිබඳ උපදෙස් ද අංක විද්‍යාව මගින් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. දැන් අපි ඔබේ යුග දිවිය පිළිබඳව අංක විද්‍යාත්මක විශ්‍ලේෂණයකට මුල පුරමු. මේ සඳහා ඔබගේත් ඔබේ සැමියාගේත් උපන්දිනවලින් හෙළිවන ෙදෙව අංක ගළපා ගත යුතුය. ඉතා පහසුවෙන් කර ගත හැකි මෙය සිදු කරන්නේ මෙලෙසිනි. ඔබගේ උපන් දිනය 1968 මාර්තු 22 දා යැයි සිතමු. එය ඉලක්කම් වශයෙන් දැක්වුවහොත් මෙලෙසිනි. 1968.03.22 දැන් අපි මේ සියලු සංඛ්‍යාවල ඓක්‍යය ගනිමු. 1+9+6+8+0+3+2+2 ⋆ 31 දැන් අපි ඒ සංඛ්‍යා දෙකේ ද ඓක්‍යයන් මෙලෙස සොයා ගනිමු. 3+1 ⋆ 4 ඔබේ උපන් දිනය මුල් කොට සේම ඔබේ සැමියාගේ උපන්දිනය මුල්කොටද මෙලෙසම ඔහුගේ ෙදෙව අංකය ලබා ගත හැක. ඉන්පසු ඔබගේත් සැමියාගේත් ෙදෙව අංක දෙක සැසඳීමෙන් ඉතිරිවන ශේෂය පහසුවෙන් වටහාගන්නට ඔබට පුළුවන. එවිට එම ශේෂය මගින් ඔබගේ යුගදිවිය පිළිබඳ අංක විද්‍යාත්මක විවරණයක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

ශේෂය 01
සැමියා සාමකාමීය; බිරිඳ තරමක් කලහකාරී ගතිපැවතුම් ඇත්තියකි. නමුදු සැමියාට වඩා බිරිඳ පරාර්ථකාරීය නමුත් ඇය අයහපත් නැත. සැමියා ආගමික අංශ කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරයි. යුග ජීවිතයේ වැඩි බරක් දැරීමට බිරිඳට සිදුවෙයි. සැමියාට සාපේක්ෂව බිරිඳ වෙතින් වැඩි යුතුකම් කොටසක් ඉටුවෙයි.

ශේෂය 2
සැමියා සහ බිරිඳ සම ගතිගුණවලින් යුතුය. නොඑසේ නම් මිතුරු මිතුරියන් මෙනි. නමුදු දරුවන් හැදීම හැරුණුකොට පවු‍ලේ දියුණුවක් හෝ ආර්ථික සංවර්ධනයක් කෙරෙහි අපේක්ෂා නොකිරීම අඩුපාඩුවකි. නමුදු මෙය මගහරවාගත හැකි අඩුවකි. ශේෂය 3 බිරිඳ නිරතුරු සැමියාගේ පිහිටාරක්ෂාව අපේක්ෂා කරන්නීය. සැමියා සමාජශීලී මුත් බිරිඳ එසේ නැත. දරුපල වැඩි ප්‍රමාණයක් හිමිය. ධන ලාභ ලැබිමේ පැහැදිලි හිමිකමක් තිබේ. සැමියා වෙත එල්ල වන කරදරවලින් ඔහු මුදා ගැනීමේ විශේෂ හැකියාවක් බිරිඳ සතුය.

ශේෂය 04
බිරිඳ සේම සැමියා ද තනිව ජීවත්වීමට උත්සාහ කරති. මෙය පවුල් ජීවිතයේ අසමගියක් වීමට මෙන්ම නොවීමටද පුළුවන. කිසියම් බාහිර දෙයක් කෙරෙහි සිත යොමු කරන සැමියා හෝ බිරිඳ එවැන්නක් කෙරෙහි තදින්ම යොමු වන තත්ත්වයක් දක්නට ලැබේ. මේ අනුව දෙදෙනා අතර සහජීවනය හීනවීමේ කිසිදු අරුමයක් නැත. නමුදු දෙදෙනාගේ චරිත ස්වභාවයන් සමවීම නිසා සාර්ථක යුග දිවියකට බාධාවක් ද නැත.

ශේෂය 05
සැමියාට වඩා අනුරාගී බිරිඳකි. එහෙත්, ඇය සැමියාට වඩා සමාජයේ යම් තැනකට පත් තැනැත්තියක ද විය හැක. ඒ කෙසේ හෝ සැමියා අසරණ බවට පත්වන සෑම විටෙකම ඔහුගේ පිහිටට ඒම ඇගේ ස්වභාවයයි. බොහෝ විට සැමියාට වඩා පෞරුෂයක් ඇය සතුවිය හැක.

ශේෂය 06
සැමියා මිතුරු ඇසුරට විනෝදයට වැඩි නැඹුරුවක් ඇත්තෙකි. නමුදු බිරිඳ ඊට ඉඳුරාම වෙනස් මුළුමනින් හුදකලා ජීවිතයකට නැඹුරු වූ තැනැත්තියකි. නමුදු ගෘහ ජීවිතය යස ඉසුරින් පිරී තිබේ. බිරිඳගේ ඉවසීම සාර්ථක යුග දිවියේ පදනම බව ද පෙනෙයි.

ශේෂය 07
සැමියා සහ බිරිඳ අතර එකිනෙකා පරයා ඉහළට ඒමේ නිහඬ යුද්ධයක් පවතී. මේ හේතුව මත නිතර මත ගැටුම් හට ගැනීමද අතිශය ස්වභාවිකය. සැමියාගේත් බිරිඳගේත් ප්‍රියතාවයන් එකි’නෙකට බොහෝ සෙයින් දුරස්තර වන බවක් පෙනෙයි. නමුදු එය යුගදිවියට බාධාවක් නොවීමට ද පුළුවන.

ශේෂය 08
මෙම ෙදෙව අංක ගැළපීමට අනුව ඇතැම් අවස්ථාවලදී සැමියා කුඩා දරුවකු මෙනි. එනිසා ඔහුගේ සියලු කටයුතු බලා ගැනීමට බිරිඳට සිදුවනු ඇත. වැඩි වෙහෙසකින් තොරව ආර්ථික සම්පත් හිමිකර ගැනීමේ හැකියාව දෙදෙනා තුළම පවතී. නමුදු දරුඵල හීනය.

ශේෂය 09
දෙදෙනාම නිහඬ ධාර්මික දිවි පවෛත් ප්‍රිය කරන්නන් අතිශයින් ගැළපෙන විවාහයකි. අනේ‍යාන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් ජීවත් වීමට අවකාශ ලැබේ. පිනැති දරුවෝ ලැබෙති. ජීවිතයේ අවසාන කාලයේ බිරිඳ හෝ සැමියා නැතිනම් දෙදෙනාම ආධ්‍යාත්මික ජීවිත ගත කිරීමේ යම් නැඹුරුවක් පවතී. දෙදෙනා තුළම ලෞකික සම්පත් කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැතිවීම විශේෂත්වයකි. ශේෂයක් නොමැතිවීම අංක විද්‍යාවෙන් පෙන්නුම් කරන යුගදිවි තොරතුරු අනුව මෙම ලක්ෂණය තුළ යුග ජීවිතය අතිශය සාර්ථක හෝ අසාර්ථක වීමේ පැහැදිලි අවකාශයක් පවතී. එමෙන්ම රූපය සහ බාහිර ලක්ෂණ අතින් දෙදෙනා දැඩිසේ සමාන වීමට හෝ විෂම වීමටද පුළුවන. මෙම ලක්ෂණය යුගදිවි සම්බන්ධ අංක විද්‍යාත්මක විවරණවලදී පැවසෙන්නේ ‘අන්‍යන්තය දක්වා විහිද යන’ යනුවෙනි.





source..2013-04-02- lakbima news paper ජොතීර්වේදී වෑවල විමලසිරි අනාවරණය කරයි